I දේශපාලන වාර්තාකරු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල මත විමසුමක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පිළිගත් පක්ෂ නායකයන්ට සහ ස්වාධීන කණ්ඩායම් නායකයන්ට විශේෂ ලිපියක් යොමුකරමින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධ යෝජනා ලිඛිතව ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.
දේශයට ලැබුණු නවතම වාර්තා අනුව ශ්‍රීලනිපය ප්‍රමුඛ පක්ෂ 4 ක් දැනටමත් ඒ සම්බන්ධව සිය මතය ජනාධිපති කාර්යාලය වෙත ලබා දී ඇතැයි වාර්තා වෙයි.
ඒ අතර 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 19දා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතය.