I යසවර්ධන රුද්රිගූ
ලබන මාසයේ ලැබීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය නියමිත පරිදි නොලැබීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා දේශයට පැවසීය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය මැයි මාසය වනවිට මූල්‍ය අරමුදල බලාපොරොත්තු වූ ඉලක්කවලින් සපුරා ඇත්තේ 39% ක් පමණක් බවයි. එසේම ජූනි මාසයේ 55% වූ ඉලක්කයෙන් 33% ක් පමණ සම්පූර්ණ කර තිබේ. මෙම 33% ට ජූනි මාසය තුළ සිදු නොකළ වංචා දූෂණ අවම කිරීමේ පනත සහ ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත ආදිය ද එම මාසයේ ඉටු කළ බවට අඩංගු කර ඇත. සැප්තැම්බර් මාසය වනවිට ඉටු කළ යුතු 77% ප්‍රමාණය සපුරාලීම මේ වනවිට දැඩි අභියෝගයකට පත්ව තිබෙන බව ඔහු පෙන්වා දෙයි.
සෑම රාජ්‍ය ව්‍යවසායකයකුගෙන්ම වාර්ෂික වාර්තා නිසි පරිදි ලබාගත යුතු නමුත් 2022 වසරේ වාර්තා ආයතන 52 ක් තවමත් ඉදිරිපත් කර නොමැත. මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති පරිදි අරමුදල සමඟ වූ එකඟතා සපුරාලීමේ ප්‍රගතිය මැන බැලීම සඳහා වෙනම ආයතනයක් ගොඩනැගිය යුතු නමුත් තවම එය පිහිටුවා නැත.
ශ්‍රී ලංකාවට පළමු වාරිකය ලබාගැනීම සඳහා දින 400 ක කාලයක් ගතවූ අතර බංග්ලාදේශය වැනි රටවල් මසකින් මුල් වාරිකය ලබාගැනීමට සමත් වූ බවද හෙතෙම සඳහන් කළේය.