2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

සතියකට ප්ලාස්ටික් ග්‍රෑම් 5ක් කන රටක්

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

සතියකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 5ක් ආහාර සමඟ පුද්ගලයකුගේ ශරීරයට එකතු වන බව ඔස්ට්‍රේලියාවේ නිව් කාසල් විශ්වවිද්‍යාලය මගින් සිදු කළ  පර් යේෂණ අනාවරණය වී තිබේ. එළවළු කපන ලෑල්ලේ සිට ආහාර ඇසුරුම් කරන ලන්ච් ෂීට්, ආහාර බහාලන ෂොපින් බෑගයෙන්ද මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආහාරයට එකතු  වන බව පෝෂණවේදී රොෂාන් දෑල බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

ඒවා අපේ ආහාරයට පමණක් නොව, වාතයට සහ ජලයටද එකතු වීමෙන් ශරීරගත වන බවත්, සතියකට ග්‍රෑම් 5ක් යනු ක්‍රෙඩිට් කාඩ්පතක ප්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයක් බවත්, ඒ අනුව වසරකට පුද්ගලයකුගේ ශරීරයට ඇතුළුවන ප්ලාස්ටික් ප්‍රමාණය ග්‍රෑම් 250ක් බවත් එම පර් යේෂණ අනාවරණ වී ඇතැයි රොෂාන් දෑල බණ්ඩාර මහතා සඳහන් කරයි.