I ගයාන් ගාල්ලගේ
2020 වර්ෂයේ සිට 2023 ජූලි 2දා තෙක් රිය අනතුරු මාරයාගෙන් පුද්ගලයන් 8709 දෙනකු මිය ගොස් ඇති බව රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා දේශයට පැවසීය.
ඒ අනුව 2020 වර්ෂයේදී මාරක රිය අනතුරු 2250 කින් 2371 දෙනකුද, 2021 වර්ෂයේදී මාරක රිය අනතුරු 2454 කින් 2559 දෙනකුද, 2022 වසරේදී මාරක රිය අනතුරු 2416 කින් 2536 දෙනකුද මිය ගොස් ඇති අතර 2023 ජනවාරි 1දා සිට ජූලි 2දා දක්වා මාරක රිය අනතුරු 1173 කින් 1242 දෙනකු මිය ගොස් ඇති බව හෙතෙම සඳහන් කළේය.
මෙම මරණ සංඛ්‍යාව ගැන සැලකීමේදී දිනකට 7 දෙනකුගේ පමණ මරණ සංඛ්‍යාවක් රිය අනතුරු නිසා වාර්තා වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.