2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

මාළු නැති වැව් ව්‍යාපාරිකයන්ට

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:03 130

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

මිරිදිය ධීවර කර්මාන්තය සිදු නොකෙරෙන වැව් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ලබා දී හෝ මෙරට මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීමට පියවර ගත යුතු යැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මෙරට වැව් 14000ක් පමණ තිබෙන නමුදු ඉන් මිරිදිය ධීවර කර්මාන්තය පවතින්නේ වැව් 1500කට ආසන්න ප්‍රමාණයක පමණක් හෙයින් මිරිදිය කර්මාන්තයෙන් උපරිම ඵල නෙලා ගැනීම සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතුය. එසේම ධීවර ජනතාවගේ ගැටලු හඳුනා ගැනීමට පියවර ගත යුතු බවද, මිරිදිය ධීවර කර්මාන්තය මෙන්ම රටට විශාල විදේශ විනිමයක් ලබාගත හැකි විසිතුරැ මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට පියවර ගත යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.