දේශපාලන වාර්තාකරු I
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු ස්වාධීන කණ්ඩායමද සමගි ජන බලවේගය විසින් ආරම්භ කරන ලද නව දේශපාලන සන්ධානය සඳහා එක්කර ගැනීම සඳහා විශේෂ දේශපාලන සාකච්ඡාවක් දෙපාර්ශ්වය අතර මේ දිනවල සිදුවෙමින් පවතින බව දේශයට වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දේශය සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශනයෙකුගෙන් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ ඩලස් අලහප්පෙරුම කණ්ඩායම සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. ඉදිරියේදී සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ආරම්භ කරන පුළුල් සන්ධානයේ කොටස්කරුවකු ලෙස එම කණ්ඩායමද එක්වනු ඇතැයි විශ්වාස කරන බව ඒ මහතා කීය.
දැනටමත් සමගි ජන බලවේගය සන්ධානය තුළ රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන් සහ දිගම්බරම් යන කණ්ඩායම් නිත්‍ය සාමාජිකයන් ලෙස කටයුතු කරති.