I ව්‍යාපාරික වාර්තාකරු
පසුගිය කාලයේ රුපියල් 300/- ආසන්නව පැවති අමු තේ දලු කිලෝවක අවම මිල රුපියල් 100/- දක්වා පහළ වැටී තිබෙන දිස්ත්‍රික්ක ගණනාවක් ගැන දේශයට වාර්තා වෙයි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය ජූලි මාසය සඳහා අනුමත කොට ප්‍රකාශ කර ඇති අවම මිල ගණන් අනුව මෙම තත්ත්වය අනාවරණය වෙයි. ඒ අනුව බදුල්ලේ දිස්ත්‍රික්කයේ පුනාගලවත්තේ අමු තේ දලු කිලෝවක් සඳහා නියම කර ඇති අවම මිල රු. 96/- කි. මෙරට තේ වගාව ආරම්භ කළ මහනුවර ලූල්කඳුර වතු යායේ අමු තේ දලු කිලෝවක මිල රු. 92/- කි. මාතලේ මිඩ්ලන්ඩ්ස් වතුයායේ අමු තේ දලු මිල කිලෝවකට රු. 97/- කි. නුවරඑළිය රාගල ග_ප් හි අමු තේ දලු කිලෝවක මිල රු. 90/- කි.
මේ හැර මාතර, රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල අවම තේ දලු මිල රු. 100/-ත් රු. 125/- ත් අතර පවතින බවද වාර්තා වෙයි.