දේශපාලන වාර්තාකරු I
පවත්නා දැඩි නියං සමය හමාර කර දෙන ලෙස ආයාචනා කරමින් ප්‍රජා පොලීසිය හා ජනතාව එක්ව දිවයිනේ ප්‍රධාන පෙළේ පූජ්‍යස්ථාන ගණනාවක වැසි පිරිත සජ්ඣායනා කිරීම මේ දිනවල සිදු කෙරේ.
ඒ අනුව කතරගම මහා දේවාලය, දීඝවාපිය, මහියංගණය, බොල්තුඹේ මහ සමන් දේවාලය හා කොත්මලේ පුසුල්පිටිය වැස්ස වලාහක දෙවියන් වෙනුවෙන් ඉදිවූ දේවාලය ආශ්‍රිතව මෙම පිරිත් පිංකම් සංවිධානය කර ඇත.ඒ ඒ ප්‍රදේශවල බහුජන සංවිධාන හා ප්‍රජා පොලීසිය ඒකාබද්ධව මෙම වැසි පිරිත් පිංකම් තවදුරටත් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව දේශයට වාර්තා වෙයි.