2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

මැතිසබේ අනංග වාර්තාව සති දෙකකින්

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:02 73

 දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ අනංගයන්ගේ බලපෑමට ලක්වූ තරුණියන් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයේ වාර්තාව දෙසතියක් තුළ පාර්ලිමේන්තු මහලේකම්වරියට භාරදෙන ලෙස නියම කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

මේ සඳහා කෙරෙන විශේෂ පරීක්ෂණයට ගෘහ පාලන අංශයේ සේවය කරන සේවිකාවන් 32 දෙනකුගෙන් තොරතුරු විමසීමට නියමිත බවද සඳහන්ය. විශේෂයෙන් බලහත්කාරයෙන් විවිධ ශාරීරික බලපෑම් කළ අය සම්බන්ධවත් ඒ අයට උදව් පදව් කළ කිහිප දෙනකු සම්බන්ධවත් ලැබුණු පැමිණිලි මත මෙකී විමර්ශනය සිදුවන බව දැනගන්නට ඇත. මෙම පරීක්ෂණයේ අවසන් වාර්තාව අනුව යමෙක් මෙම සිදුවීම්වලට වැරදිකරු වුවහොත් ඒ තැනැත්තාට හෝ තැනැත්තියට දැඩි විනයානුකූල පියවර ගැනීමට මැතිසබා පාලන අධිකාරිය වැඩිදුරටත් නීන්දු කර ඇත.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01