2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

ජනපති හදන්නේ ඉන්දියාවට ත්‍රි’මලේ විකුණන්න - සුනිල් හඳුන්නෙත්ති

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:01 89

I ගයාන් ගාල්ලගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍යව ඇත්තේ බලය බෙදීමට නොව ඉන්දියාවට ත්‍රිකුණාමලය විකිණීම බව ජාතික ජනබලවේගයේ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

ජනාධිපතිවරයාට බලය බෙදීමට කිසිදු ජනවරමක් නැති බවත්, ඒ බව ඔහු පවා දැන මේ සිදුකරන්නේ ඉන්දියාවේ උවමනාව වෙනුවෙන් අදානි සමාගමට ත්‍රිකුණාමලය විකිණීමට බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ ගනුදෙනුව සැඟවීම සඳහා 13 නැමැති බලය බෙදීමේ සංවාදය රට තුළ ඇති කරමින් ජනමතය වෙනත් පැත්තකට යොමුකිරීම ජනාධිපතිවරයා ඇතුළු එම කණ්ඩායමේ මූලික අරමුණ බව හඳුන්නෙත්ති මහතා කීය.