2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

කෙහෙළියගේ විශ්වාසභංගය එන මස මුලදී

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

 දේශපාලන වාර්තාකරු I

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව දින තුනක් විවාද කළ යුතු යැයි විපක්ෂය ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස පළමු පාර්ලිමේන්තු සැසියේදී එම යෝජනාව විවාද කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීන් 50කට ආසන්න ගණනකගේ අත්සන් සහිතව සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව භාරදුන් විශ්වාසභංග යෝජනාව මෙයට පෙර විවාදයට ගැනීමට රජය තීරණය කර තිබූ නමුත් විපක්ෂයේ ඉල්ලීම මත විවාදය සැප්තැම්බරය දක්වා කල් තැබීය.