2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

නියඟය උග්‍රයි ජල සැපයුමට බවුසර 200ක්

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

I සමන්ත ප්‍රදීප් විල්තෙර 

පවත්නා දැඩි නියං තත්ත්වය නිසා පානීය ජලය ලබාගැනීමට නොහැකිව සිටින ජනතාවට ජලය සැපැයීම සඳහා දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ජල බවුසර් 200ක් යොදවා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා දේශයට කීය.

නියඟය නිසා දිස්ත්‍රික්ක 15ක පවුල් 54,979කට අයත් 183,038කට අධික පිරිසක් ජල හිඟයට මුහුණ පා සිටින බවද ඔවුන් සඳහා ජල සම්පාදන මණ්ඩලය හරහා ජලය ලබාගෙන බෙදාහරින බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින නියං තත්ත්වය සැප්තැම්බර් මාසය අවසානය තෙක් අපේක්ෂා කරන බවය. දෙවැනි අන්තර් මෝසම ආරම්භ වීමෙන් ඔක්තෝබර් - නොවැම්බර් මාසවලදී දිවයින පුරා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්ෙය්ෂණ සහ දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසීය.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01