2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

නියඟය - අස්වැන්න බාගෙට කා දමයි

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

දැනට පවතින නියඟයේ බලපෑම මත ඉදිරි කාලයේ රටේ සහල් නිෂ්පාදනයේ අඩුවක් සිදුවුවද ඉදිරි මාස 3ක කාලය සඳහා පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශයට ප්‍රකාශ කළේය.

පෞද්ගලික අංශය සහ ගොවීන් සතුව ප්‍රමාණවත් වී සංචිත පවතින අතර යල කන්නයේ  වී නිෂ්පාදනය තවමත් ලැබී නොමැති හෙයින් සහල් හිඟයක් ඇතිවේදැයි මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි යැයි පැවසූ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවද සඳහන් කළේය. යම් හෙයකින් සහල් හිඟයක් ඇතිවන්නේ නම් ඒ දෙසැම්බර් මාසයෙන් පසුව යැයි පැවසූ ඔහු සහල් හිඟයක් ඇතිවුවහොත් සහල් අපනයනය තහනම් නොකළ රටකින් අවශ්‍ය සහල් ප්‍රමාණය ලබාගැනීමට සිදුවන බවද සඳහන් කළේය.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01