I යසවර්ධන රුද්රිගූ
නිදහසේ තිරිඟු පිටි ආනයනය සඳහා ව්‍යාපාරිකයන්ට ලබා දී තිබූ අවස්ථාව රජය මගින් අහෝසි කිරීම නිසා තිරිඟු පිටි හිඟයක් මෙන්ම මිල වැඩිවීමේ අවදානමක් ඇතිව තිබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා දේශයට පැවසීය.
ආනයන නිදහස හිමිව තිබූ කාලයේදී රටට අවශ්‍ය තිරිඟු පිටිවලින් 40%ක පමණ ප්‍රමාණයක් ප්‍රධාන සමාගම්වලට පරිබාහිරව සෙසු ආනයනකරුවන් විසින් ගෙන එනු ලැබ තිබිණ. එහෙත් මේ වනවිට යළිත් විවෘත ආනයන ක්‍රමය අහෝසි කර පෙර තිබූ ආනයන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කර ඇති නිසා තිරිඟු ඇට ආනයනය කිරීමේ ඒකාධිකාරය ප්‍රිමා සහ සෙරන්ඩිබ් සමාගම්වලට හිමිව තිබේ. ඔවුහු සුළු තීරු බද්දක් ගෙවා තිරිඟු ඇට ආනයනය කර පිටි කර විශාල ලාභයක් උපයා ගනිති. මෙම තත්ත්වය ඇතිවී ඇත්තේ ආණ්ඩුව ඒකාධිකාරී සමාගම්වල බලපෑම්වලට නතුවීමෙන් බවට සැක සිතෙන්නේ යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
ආනයනය විවෘතව තිබූ කාලයේදී දෙවරක්ම තිරිඟු පිටි මිල පහළ බැස තිබූ බවද හෙතෙම අවධාරණය කළේය.