ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
මෙරට ජනගහනයෙන් සෑහෙන පිරිසක් ආහාර අනාරක්ෂිතතාව හා පෝෂණය සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙමින් සිටිති. එසේම ජීවනෝපාය අහිමිවීමෙන් විශාල පිරිසකට සමාජ ආරක්ෂණ ක්‍රමවල පිහිටෙන් යැපීමට සිදුව තිබේ. ඒ අතර වතුකර ජනතාව උග්‍ර ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ පා ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් කළ නවතම වාර්තාවෙහි දැක්වෙයි. 2023 ජනවාරි හා 2023 ජූනි දක්වා කාලය මත පදනම්ව එම වාර්තාව සකස් කර ඇත.
කෙසේවෙතත් ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිසා යම් ස්ථාවර ආර්ථික මට්ටමකට පත්වෙමින් සිටින බවද එම වාර්තාවේ සඳහන්ය.
2022 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 7.8% කින් හැකිලුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස විරැකියාව, ජීවන වියදම සහ දරිද්‍රතාව ඉහළ ගියේය. 2023 මැයි මාසය වන විට මිලියන 3.9ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයට පත්ව තිබේ. ආහාර අනාරක්‍ෂිතතාවයට දැඩිව මුහුණ දෙන නිවාස සංඛ්‍යාව 10,000කට අධිකය. මිලියන 2.9කට අධික දරුවන් පිරිසකට පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ජලය සහ සනීපාරක්ෂාව සම්බන්ධ මානුෂීය ආධාර අවශ්‍ය වේ. 2023 පළමු මාස හය තුළ යුනිසෙෆ් සංවිධානය දරුවන් 360,941ක් ඇතුළුව පුද්ගලයන් 647,900 දෙනකුට මානුෂීය ආධාර සපයා තිබේ.