2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

’’මහල් නිවාස’’ වලින් ගෙවල් ගත් අය ආදායම් බදු දැලට

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:03 291

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයන්හි නිවාස මිලදී ගත් තැනැත්තන්ගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ. එම තීරණය අනුව නිවාස සංකීර්ණවල නිවෙස් මිලට ගෙන ඇති පුද්ගලයන් හා ඒවායේ පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සපයන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්ලිව්.එන්.ඒ. විජේසූරිය නිවාස සංකීර්ණ කළමනාකරණ සමාගම් වෙත පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේය.

වර්තමානයේ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට බදු ආදායම විශාල ලෙස වැදගත් වන හෙයින් දැනට එම නිවාස සංකීර්ණයන්හි නිවෙස් මිලට ගෙන ඇති සහ පදිංචිව සිටින සියලු පුද්ගලයන් පිළිබඳ තොරතුරු සපයන ලෙස දේශීය ආදායම් කොමසාරිස්ගේ ලිඛිත නියමයේ සඳහන්ය. දේශීය ආදායම් පනතේ වගන්ති අංක 123(1) ප්‍රකාරව තමන්ට හිමි වී ඇති බලතල අනුව මෙම ලිඛිත ඉල්ලීම අදාළ ආයතනවලට යොමුකරන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.