2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

ලංකාවේ පාතාලයන්ට ඉන්දියාව රතු එළි දල්වයි!

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

I ගයාන් ගාල්ලගේ

මෙරට පාතාලයේ ක්‍රියාකාරකම් සිදුකොට විදෙස් රටවලට පැන ජීවත් වන සියලුම පාතාල මැරයන් සම්බන්ධයෙන් ඉතාම රහසිගත විමර්ශනයක් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (එන්.අයි.ඒ.) සහ රෝ ඔත්තු සේවය විසින් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

 

ඉන්දියන් සාගරය හරහා මෙරටින් පැනගත් පාතාලයන්, ඉන්දියාවේ ජීවත් වන පාතාලයන්, කලාපයේ සැඟවී සිටින පාතාලයන් සහ ඉන්දියාව හරහා ඩුබායි රාජ්‍යයට පැනගන්නට උත්සාහ ගන්නා පාතාලයන් ගැන පූර්ණ විමර්ශනයක් සිදු කරන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

එම විමර්ශනවලට අනුව පසුගියදා ගණේමුල්ල සංජීව, ගොත අසංක සහ තවත් පිරිසක් කොටුවීමත්, ඊට අමතරව මොහොමඩ් සිද්ධික් කොටුකර ගැනීමත් සිදු කර තිබේ. ඒ සමඟම ඉන්දියන් සාගරය හරහා මෙරටට කුඩු ගෙන්වන, ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රධාන පාතාල සාමාජිකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ද මෙම සංවිධාන දැඩි විමර්ශනයක් කරමින් සිටින බව වැඩිදුරටත් වා‍ර්තා වේ.