2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

සෞඛ්‍ය බලධරයෝ බේත් තොරතුරු හංගති

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

I දේශපාලන වාර්තාකරු

පසුගිය අප්‍රේල් මස 30දා දක්වා මෙරට පැවති බෙහෙත් තොග පිළිබඳ තොරතුරු විගණනය සඳහා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය බලධරයන්ට දැන්වූ නමුත් එම කිසිදු තොරතුරක් විගණනය සඳහා ජාතික විගණන කාර්යාලයට සපයා නැතැයි එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාව මගින් චෝදනා කර ඇත.

2022 වසරේ සිටම මෙරට බෙහෙත් හිඟයක් පවත්නා බවත් ප්‍රධාන පෙළේ රජයේ රෝහල් 14ක ඉතාමත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 15ක් සහ සෙසු ඖෂධ 1205ක හිඟයක් පැවති බවත් එම වාර්තාව කියයි. ඊට අමතරව ඉතාමත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 49ක් සහ සෙසු ඖෂධ 943ක තොග ඇත්තේ දින 30කට පමණක් යැයි මෙම විගණන වාර්තාවෙහි සඳහන්ය.

මෙවන් බරපතළ ඖෂධ හිඟයක් පවතිද්දී ඊට අදාළ තොරතුරු විගණනයට ලබා නොදීම බලවත් වරදක් බව විගණන කාර්යාලය අවධාරණය කර තිබේ.