ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
දිවයිනට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ජනතාව පානීය ජල අර්බුදයකට මුහුණ පා ඇතැයි ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා දේශයට ප්‍රකාශ කළේය. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සතු ජල සම්පාදන යෝජනා ක්‍රම 333න් 44ක් ක්‍රමානුකූලව ජලය සැපයීම සහතික කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු සඳහන් කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ නියං තත්ත්වය දිස්ත්‍රික්ක 18කට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඉන් පවුල් 81,162 කට අයත් පුද්ගලයින් 280,247ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බවටය. බොහෝ ප්‍රදේශවලට බවුසර මගින් ජලය ලබා දීමට පියවර ගෙන ඇතැයි ඒම මධ්‍යස්ථානය සඳහන් කරයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව මේ වන විට ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28% ක් දක්වා පහත වැටී තිබේ.
විදුලිය ජනනය සඳහා ඇති සමස්ත ජල මට්ටම 25.4% ක් දක්වා පහත වැටී ඇතැයි ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා සඳහන් කරයි. මේ වන විට සමනල වැවේ ජල ධාරිතාව දශම 8% දක්වා පහත වැටී ඇති අතර ඉන් ජනනය කළ හැකි විදුලිය ගිගාවොට් පැය 1.1ක් පමණි. කොත්මලේ ජලාශයේ ජල මට්ටම 51% දක්වාද, කාසල්රී 32.4% දක්වාද, වික්ටෝරියා ජලාශය 27..6ක් දක්වාද, රන්දෙණිගල 4.5% දක්වාද, රන්ටැඹේ ජලාශය 20.6% දක්වාද මාවුස්සාකැලේ 35% දක්වාද පහත වැටී තිබේ.
පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 37, 38 වැනි අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේය. ඇතැම් ප්‍රදේශවලට වරින් වර සුළු වැසි ඇතිවුවද සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක්කේ දෙවැනි අන්තර් මෝසම් සමය හෙවත් ඔක්තෝබර් නොවැම්බර් යන කාලවල යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.