2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

දේශපාලකයන් 157කට දුන් ගිනිඅවි අතුරුදන්

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

I ආරක්ෂක වාර්තාකරු

වර්ෂ 1980 සිට වසර 2023 ජූලි මස දක්වා කාලය තුළ ස්වකීය ආරක්ෂාව සඳහා රජයේ ගිනිඅවි ලබාගෙන නැවත රජයට භාර නොදුන් දැනට තනතුරු නොදරන හිටපු මැති ඇමැතිවරුන් හා ජ්‍යෙෂ්ඨ දේශපාලන පක්ෂ නායකයන් 157 දෙනකු සිටින බව දේශයට වාර්තා වෙයි. මේ අය සතුව රජයෙන් නිකුත් කළ විවිධ වර්ගවලට අයත් ගිනිඅවි 698ක් ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

පසුගියදා මෙම තොරතුරු පාර්ලිමේන්තුවේදී සභාගත කළේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාය. ඔහු මෙම තොරතුරු සභාගත කළේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මෙලෙස රජයෙන් ලබාගෙන භාරදී නොමැති ගිනිඅවි 698ට පොයින්ට් 9 පිස්තෝල, රිවෝල්වර, බෝර 12 බහුවාර පතරොම් තුවක්කු ඇතුළත් වන බවත් වාර්තා වෙයි.

මෙලෙස අදාළ මැති ඇමැතින්ට සහ ජ්‍යෙෂ්ඨ දේශපාලන පක්ෂ නායකයන්ට ගිනිඅවි නිකුත් කළ හේතුව සඳහන් වන ලිපි ලේඛන අස්ථානගත වී ඇති බවත් 1990 කාලයේ රටේ පැවති වාතාවරණය අනුව මෙලෙස ගිනිඅවි නිකුත් කරන්නට ඇති බව නිරීක්ෂණය වන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරෙහි සඳහන් වෙයි.