2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

රාජිතගෙන් රහස් වැඩක්

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

I ගයාන් ගාල්ලගේ

අලුත් දේශපාලන බලවේගයක් සැකසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් වැඩ කටයුතු සිදුකරමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම දේශපාලන බලවේගය සැකසීම සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂවල ස්වාධීනව කටයුතු කරන පිරිස් සමඟ ඉතාම රහසිගත සාකච්ඡා පවත්වමින් තිබෙනා බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අලුත් බලවේගය හරහා ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සැලසුම් සකසමින් ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි. මේ සඳහා ක්‍රියාකාරී අරගලකරුවන් සහ කණ්ඩායම් කිහිපයකද සහාය ලැබී තිබේ.