I ගයාන් ගාල්ලගේ
දිගින් දිගටම සිදුවන පාතාල ගැටුම්, ඝාතනය කිරීම් සහ වෙඩිතැබීම් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහා බුද්ධි අංශත්, අත් අඩංගුවට ගැනීමට පොලීසිය සහ විශේෂ කාර්ය බළකායත්, පරීක්ෂා කිරීම් සඳහා ත්‍රිවිධ හමුදාවත් යොදා ගැනීමට තීරණය කර තිබේ.
විශේෂයෙන් මුහුදු මාර්ගය ඔස්සේ පැනයන අය අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවත්, ගුවන් මාර්ගය ඔස්සේ පැනයන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසියත් සීරුවෙන් තබා තිබේ.
කෙසේ වෙතත් මෙම මෙහෙයුම හරහා හඳුනාගත් පාතාල ප්‍රධානීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම ප්‍රධාන අරමුණ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.