I ගයාන් ගාල්ලගේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීම හෝ ඡන්දයකදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම කිසිදු ලෙසකින් සිදුනොවිය යුතු දෙයක් බව සමගි ජනබලවේගයේ බහුතර පිරිසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇතැයි සඳහන් වේ.
එජාපයට අවශ්‍ය නම් සජබ ජනපති අපේක්ෂකයාට සහාය දැක්විය හැකි බවත් සමගි ජනබලවේගය විසින් ඉදිරියේ පිහිටුවන සන්ධානයේ කොටස්කරුවෙක් වීමට එජාපයට ඉඩදිය හැකි බවත් එම පිරිස දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් විමසීමක් කළ විට ඒ මහතා සඳහන් කර සිටියේ පක්ෂයේ බහුතරයක් වර්තමාන ජනාධිපතිවරයාට සහාය දැක්වීමට අකමැත්ත පළකර ඇති බවයි.