2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

රත්රන් සබ්‍රි වරප්‍රසාද කමිටුවට

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

දේශපාලන වාර්තාකරුI

රුපියල් කෝටි 7කට අධික වටිනාකමින් යුත් රත්රන් කිලෝ 3ක් සහ ජංගම දුරකතන රාශියක් රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද භාවිත කරමින් ගුවන් තොටුපළෙන් රහසිගතව පිටකිරීමට යාමේදී අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට අදාළ යෝජනාව මැතිසබයේ ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාවට යොමුකර ඇත.

සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යොමුකර ඇති මෙම යෝජනාව ගැන මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කර ඇති ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව ළඟදීම විමර්ශනයක් කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි. අනතුරුව අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් පනවනු ලබන උචිත දඬුවමකට ඔහු යටත් කිරීමටද අදාළ කමිටුවට බලය හිමිය.