දේශය පුවත්පතේ හදසර කලා අතිරේකය ඔස්සේ කලාවට සහ මෙතෙක් මාධ්‍යට කළ මෙහෙවර අගයමින් එහි සංස්කාරක හා විශේෂාංග කර්තෘ සංජීවිකා සමරතුංගට ශ්‍රී ලන්කන් TOP 100 – 2023 සම්මානය හිමිවිය.
විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සිය දෙනෙක් අගයමින් පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සම්මාන උළෙල පැවැත්විණි. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, හිටපු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ සහ දිවයිනේ නමගිය ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි.
සංජීවිකා සමරතුංග ග්‍රන්ථ කතුවරියක ලෙස මේ වනවිට ග්‍රන්ථ 20ක් පමණ ප්‍රකාශයට පත්කර තිබීමද මෙහිදී ඇගයීමට ලක්විය.