2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ක්‍රිකට් ලොක්කන්ට කාලගුණයෙන් ගුග්ලියක්

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:04 188

චමිඳු නිසල් ද සිල්වා I

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට වර්ෂාවෙන් සිදුවිය හැකි බාධා පිළිබඳ කිසිදු ක්‍රිකට් බලධාරියකු සිය දෙපාර්තමේන්තුවෙන් විමසා නැතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා දේශයට පැවසීය.

ආසියානු කුසලාන තරගාවලියට වර්ෂාවෙන් බාධා සිදුවේදැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දේශය කළ විමසීමකදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව සඳහන් කළේය. ඉන්දියානු මාධ්‍ය කණ්ඩායමක්ද මේ පිළිබඳව තමාගෙන් විමසා සිටි බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සැප්තැම්බර් 13 වැනිදා හෝ ඉන්පසු වර්ෂාපතනය යම් අඩුවක් අපේක්ෂා කරන නමුත් දිවයිනේ නිරිත දිග කොටසට විටින් විට වර්ෂාව ඇතිවිය හැකි බවද අතුල කරුණානායක මහතා පැවසීය. කෙසේ වෙතත් වර්ෂා බාධා හමුවේ තරගාවලිය ඉදිරියට ගෙන යාමට හැකිවේ යැයි සිය අත්දැකීම් අනුව විශ්වාස කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කීය. එසේම පර් යේෂණ දත්ත සහ තොරතුරු මත පදනම්ව ගණිත ආකෘතියට අනුකූලව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ අනාවැකි නිකුත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.