I දේශපාලන වාර්තාකරු
මෙම මස තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවිය හැකි බවට ප්‍රබල දේශපාලන ආරංචියක් පැතිර යමින් පවතී. එහෙත් ජනාධිපති කාර්යාලය මගින් එම තොරතුර මෙතෙක් සනාථ කර නැත.
අප වෙත ලැබී තිබෙන ආරංචි අනුව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් (හිටපු අමාත්‍යවරුන්) තිදෙනකුටත් දැනට ස්වාධීනව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුටත් අමාත්‍ය පදවි හිමිවනු ඇතැයි පැතිර යන ආරංචියේ සඳහන්ය. මෙම ස්වාධීන මන්ත්‍රීවරයා දැනට මැතිසබයේ විකල්ප කණ්ඩායමක නායකයකු බවද කියැවේ. අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් විෂයන් ගණනාවක් භාර අමාත්‍යවරුන්ගෙන් එක් විෂයක් බැගින් ඉවත් කර නව අමාත්‍යංශ නිර්මාණය කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනකු පත්කිරීමට අවකාශය පවතී.