2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ලන්සා පිල ලිබරල් වෙයි

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

I දේශපාලන වාර්තාකරු

මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන මන්ත්‍රී නිමල් ලන්සා කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ලිබරල් පක්ෂය ඔවුන් විසින් අත්පත් කරගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි.

මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන මන්ත්‍රී නිමල් ලන්සා කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ලිබරල් පක්ෂය ඔවුන් විසින් අත්පත් කරගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි.

ආචාර්ය චානක අමරතුංග විසින් මෙයට දශක තුනකට පමණ පෙර පිහිටුවන ලද ලිබරල් පක්ෂයේ ප්‍රධානියා ලෙස පසුගිය කාලයේ කටයුතු කළේ මහාචාර්ය රජීව විජේසිංහ මහතාය.

ලන්සා කණ්ඩායම ලිබරල් පක්ෂය සමඟ සම්බන්ධවීමෙන් පසු ඉදිරියේදී ඊට නව නිලධාරී මණ්ඩලයක් පත්කොට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට භාරදීමට නියමිතය. අනතුරුව ලන්සා කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු ලිබරල් පක්ෂය නමින් පවත්වාගෙන යනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01