I ගයාන් ගාල්ලගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එක්කර ගැනීමේ අරමුණින් දෙපාර්ශ්වය අතර රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.
දැනටමත් සාකච්ඡා වට දෙකක් පසුගිය දින කිහිපයේ පවත්වා ඇති අතර ඉදිරියේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතාත් අතරත් හමුවක් සූදානම් කරමින් ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රීලනිප කණ්ඩායම විසින් සූදානම් කර තිබුණු අතර ඊට විරෝධය පෑම නිසා හිටපු ලේකම් දයාසිරි ජයසේකර මහතාට තනතුරු අහිමිවන්නට ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.