2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ජපාන අගමැති එන්නේ නැතිලු

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු I

මේ සතියට යෙදී තිබුණු ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇතැයි දේශයට වාර්තා වෙයි. ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන අතරතුර එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ජපාන අග්‍රාමාත්‍යවරයා මුලින් සැලසුම් කර තිබිණි. එහෙත් අවසන් මොහොතේ සංචාරය අවලංගු විය. ඊට හේතු දැක්වීමක්ද මෙතෙක් සිදුකර නැත.