2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

කැබිනට් සංශෝධනය පමාවෙයි? රාජ්‍ය ඇමැතින්ටත් විෂයන් පවරයි

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:03 187

දේශපාලන වාර්තාකරු I

අමාත්‍යංශ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් සමඟ ආරවුලක පැටලී සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ටද විෂය කාර්යයන් පැවරීමට නියමිතව ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි. මේ ගැන ඉල්ලීම් කළ රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපතිවරයා සුබදායක ප්‍රතිචාරයක් දක්වා තිබේ.

ඒ අනුව හදිසියේ සිදුකිරීමට ගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනය දැන්ම සිදු නොකිරීමටත් රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පැවරීම පළමුව සිදු කිරීමටත් ආණ්ඩුව තීන්දු කර ඇත. පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් රජයට කරුණු දක්වා ඇති රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ දැනට රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය රාජකාරි පවරා නිදහසේ රාජකාරි කිරීමට අවකාශ සලසා ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු පමණක් බවය. ඒ අනුව විදේශ සංචාරයෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය කාර්ය ගැසට් මගින්ම පවරාදෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01