2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ලීසිං පොලිය බස්සයි

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:02 202

I යසවර්ධන රුද්රිගූ

ආණ්ඩුව පොලී අනුපාත අඩුකර ඇති බැවින් ඒ අනුව කල්බදු (ලීසිං) සඳහා අය කරන පොලී ප්‍රතිශතය 16% දක්වා අඩු කරන බව සමස්ත ලංකා කල්බදු (ලීසිං) සමිති සංගමයේ සභාපති නිෂාමන් කරුණාපාල දේශය පුවත්පතට පැවසීය.

ලබන ඔක්තෝබර් මස 01දා සිට මෙලෙස අඩු ප්‍රතිශතයක් අය කරනුයේ අලුතින් ණය මුදල් ලබාගන්නා පාරිභෝගිකයන්ගෙන් පමණක් බවද හෙතෙම පැවසීය. එයට පෙර ගිවිසුම් අත්සන් කර ඇති අයට ගිවිසුම් ගතවී ඇති වාරික එලෙසම ගෙවීමට සිදුවන බව ඔහු අවධාරණය කළේය. රාජ්‍ය බැංකුවලින් පෙර ණය ගත් අයට පවා ගිවිසුම්ගත වාරික එලෙසම පවත්වාගෙන යන බැවින් තම සංගමය ද ඒ අනුව කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කීය.

ලීසිං වාරික ගෙවන්නන්ගේ සංගමය මෙයට පෙර පැවසුවේ පසුගිය 25 දින සිට බැංකු පොලී අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළද ලීසිං සමාගම් එයට අනුකූලව කටයුතු නොකරන බවය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ පසුගිය ජනවාරි 1දා සිට ජූලි මස 31 දින දක්වා වාහන 15000ක් පමණ ලීසිං සමාගම් මැරයන් යොදවා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවය. තවද දේපළ 685 ක්ද අත්පත් කරගෙන ඇති බවට හෙතෙම චෝදනා කළේය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01