සසංක චලන ගිම්හාන I
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළෙන් බෙදාහරින එළවළු නොම්මර ක්‍රමයකට වෙන්කර බෙදාහරින බව පෑලියගොඩ මැනිං ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන පවසයි.
මැනිං වෙළෙඳපොළෙන් බෙදාහරින එළවළු නොම්මර 1, 2 සහ 3 වශයෙන් වෙන්කරන බවත් නොම්මර 1 එළවළු කොල්ලුපිටිය, මීගමුව, වැල්ලවත්ත ආදී ප්‍රදේශවල සංචාරක හෝටල්වලටත්, නොම්මර 2 එළවළු සාමාන්‍ය පොළවලටත්, නොම්මර 3 එළවළු තොටළඟ, පිටකොටුව, දෙමටගොඩ, මට්ටක්කුලිය ප්‍රදේශවලටත්, වතු ජනතාවටත් බෙදාහරින බවත් ඔහු කියයි.
පිටකොටුවට පැමිණෙන ජනතාව මිලදී ගන්නා නොම්මර 3 එළවළු බොහෝ අවස්ථාවල ගොඩවල් ගණනට විකිණීමට තබා තිබෙන අයුරු දකින්නට ලැබෙන බවද උපසේන මහතා වැඩිදුරටත් පවසයි.