ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස්හි ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය ණය පැහැර හැරීමට අදාළ ශ්‍රේණිගත කිරීම (IDR) 'C' සිට 'RD' (සීමිත පැහැර හැරීම්) දක්වා වෙනස්කර ශ්‍රේණිගතකර ඇතැයි ෆිච් රේටින්ංස් වෙබ් අඩවිය සඳහන් කර තිබේ. ටෙන්ඩර් කරන ලද දේශීය මුදල් බැඳුම්කර ශ්‍රේණිගත කිරීම් 'C' සිට 'D' දක්වා පහත දමා ඇති අතර ටෙන්ඩර් නොකළ අනෙකුත් දේශීය බැඳුම්කර 'C' මට්ටමේ පවතී.
දිගුකාලීන විදේශ ණය පැහැර හැරීම ශ්‍රේණිගත කිරීම 'RD' (සීමිත ණය පැහැර හැරීම) ලෙස ශ්‍රේණි ගතකර ඇති අතර, ශ්‍රී ලංකාවේ විදේශ මුදල් බැඳුම්කර ශ්‍රේණිගත කිරීම් 'D' මට්ටමට දමා තිබේ.
ෆිච් ශ්‍රේණිගත කිරීම්වලදී සාමාන්‍යයෙන් 'CCC+' හෝ ඊට අඩු ශ්‍රේණිගත කිරීමක් සහිත ස්වෛරී බැඳුම්කර හිමියන් පිළිබඳව සලකා බැලෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ විදේශීය සහ දේශීය මුදල් බැඳුම්කර නිකුතු ශ්‍රේණිගත කිරීම් තවදුරටත් නියෝජිතායතනයේ ආවරණයට අදාළ නොවන බැවින් ඒවා ශ්‍රේණිගත කිරීම්වලින් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ස්වෛරි සහ ද්විපාර්ශ්වික ණය හිමිකරුවන්ගෙන් ගත් ණය ගෙවීම පසු ගිය වසරේ පැහැරහැරීම මත ශ්‍රී ලංකාවේ විදේශ ණය ශේණිගත කිරීමද සීමා කෙරුණු අතර ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.