I ගයාන් ගාල්ලගේ
විදෙස් ගත නොවී අත්‍යවශ්‍ය සේවා අංශවල තම උපරිමයෙන් සේවා සපයන වෘත්තීයවේදීන් වෙනුවෙන් උපයන විට බදු අය කිරීමේ බදු ක්‍රමය සංශෝධනය කිරීමට තම ආංශික කාරක සභාවෙන් රජයට යෝජනා කළ බව ආර්ථික අර්බුදය සමනය කිරීමේ සඳහා වූ ආංශික කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා දේශයට පැවසීය.
බහුතරයක් පිරිස් රට හැර යන මොහොතක අත්‍යවශ්‍යම සේවා සපයන ආයතනවල ඇතැම් වෘත්තීයවේදීන් කැපවීමෙන් සිය රාජකාරී කිරීම හේතුවෙන් මෙලෙස සහනයක් ලබාදීමට යෝජනා කළ බව හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ලබාදී, එම පිරිස් සඳහා සහනය ලබාදීම සිදුකරන බව මන්ත්‍රීවරයා කීය.