දේශපාලන වාර්තාකරු I
ශ්‍රීලනිපයේ මහලේකම් ධූරයෙන් ඉවත් කළ දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පක්ෂය තුළ සටනක් දීමට තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ ආසන සංවිධායකයන් පිරිසක් සූදානම් වන බව දේශයට වාර්තා වෙයි.
මෙම ආසන සංවිධායකයන් පිරිස දයාසිරි ජයසේකර මහතා තවදුරටත් පක්ෂ ලේකම් ධූරයේ රඳවා ගන්නා ලෙස පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට බලපෑම් කිරීමට අදාළව මේ වනවිට සාකච්ඡා වට ගණනාවක්ම පවත්වා ඇතැයි දැනගන්නට තිබේ.
මෙලෙස දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් හඬ නගන ආසන සංවිධායකයන් බහුතර කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන්නන් බවද සඳහන්ය. ඒ අතර ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණේ දයාසිරි ජයසේකර මහතාට පක්ෂ මහලේකම් ධූරය හැර වෙනත් තනතුරක් ලබාදීමට තමන් සූදානම් බවය.