2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

සෞඛ්‍ය ඇමැති පුටුව රමේෂ් පතිරණට?

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:02 272

දේශපාලන වාර්තාකරු I

වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍යංශය පැවරීමට රජය යෝජනා කර ඇතැයි දේශයට වාර්තා වෙයි. එහෙත් රමේෂ් පතිරණ මහතා මෙතෙක් ඊට කැමැත්ත පළ කර නැත.

දැනට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරයන් දරන හෙතෙම තවදුරටත් එම විෂයන් දැරීමට වඩාත් කැමැති බව ප්‍රකාශ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග දේශයට පැවසීය.

රජය මුලින් යෝජනා කර තිබුණේ නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනකු පත් කිරීමටයි. එහෙත් පසුව එම තීන්දුව වෙනස් කර අමාත්‍ය විෂයන් හතරක් මාරු කිරීමට තීන්දු කර ඇත. කැබිනට් විෂයන් දෙකක් හෝ තුනක් පවරා ඇති අමාත්‍යවරුන්ගෙන් මෙම විෂයන් ඉවත් කර වෙනත් අයට පැවරීම සඳහා අවශ්‍ය මූලික අධ්‍යයන කටයුතු මේ වන විටත් හමාර කර ඇතැයි වාර්තා වෙයි.

ලබන වසර මැතිවරණ වසරක් වන නිසා හදිසියේ නව අමාත්‍යවරුන් පත්කිරීම අයෝග්‍ය බවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව අමාත්‍ය විෂය මාරුව ගැන රජය උනන්දු වන බව දැනගන්නට ඇත.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01