ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI
මේ වනවිට දිනෙන් දින සහල් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ මහා පරිමාණ මෝල් හිමියන් වී තොග අඩු මිලට ගෙන රැස්කර පසුව වී මිල ඉහළ දැමීම හේතුවෙන් යැයිද පවතින ආර්ථික තත්ත්වය මත සහල්වලට ඇති ඉල්ලුම අඩුවී ඇතැයිද එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා දේශයට කීය.
නියඟය නිසා ඇතැම් කුඹුරු විනාශ වුවද ඉදිරියේදී රටේ සහල් හිඟයක් ඇති නොවන්නේ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. වසරක පරිභෝජනය සඳහා මෙරටට අවශ්‍ය වී මෙට්‍රික් ටොන් මිලියන 4ක් වන අතර පසුගිය මහ කන්නයේ ඉන් මෙට්‍රික් ටොන් මිලියන 3ක්ම සපයා ගැනීමට හැකි වූ අතර, ඉතිරි වී මෙට්‍රික් ටොන් මිලියනය ලබාගැනීම සඳහා අවශ්‍ය වූයේ හෙක්ටයාර ලක්ෂ තුනක් වගා කිරීම පමණක් වුවද පසුගිය යල කන්නයේ හෙක්ටයාර ලක්ෂ පහක් වගා කර තිබීම හේතුවෙන් අවශ්‍ය තරම් සහල් රට තුළ පවතින්නේ යැයිද ඔහු සඳහන් කළේය.
නියඟය හේතුවෙන් විනාශ වී ඇත්තේ හෙක්ටයාර 5000ක පමණ ප්‍රමාණයක් නමුදු කිසියම් පිරිසක් නැති සහල් හිඟයක් නිර්මාණය කොට යළි සහල් ආනයනය කිරීම සඳහා සූදානම් වන ආකාරයක් පෙනෙන්නට ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.