2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

දසුන්ගේ නායකත්වය කඩු තුඩක් මත

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 60

I ගයාන් ගාල්ලගේ

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් චානකගේ නායකත්වය අවසන් වශයෙන් තීන්දු වන තරගාවලියක් බවට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.   

විශේෂයෙන් ලෝක කුසලාන තරගාවලියේදී දසුන් චානකගේ පිතිකරණ දක්ෂතා වර්ධනය වීමේ ප්‍රවණතාවයක් සිදු නොවුණහොත් ඒ මොහොතේදීම කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් කිරීමටද යෝජනා වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

සමස්ත තරගාවලියේම දසුන් චානකගේ පිතිකරණ දක්ෂතා සහ නායකත්වයේ කටයුතු මත ඔහු තවදුරටත් නායකත්වය දරනු ඇතිද යන්න තීරණය කිරීමට නියමිත බව සඳහන් වේ.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01