2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

විදුලි බිල සියයට 22කින් නගී!

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 212

 ඉන්ධන මිලත් ඉහළ යන ලකුණු 

I ව්‍යාපාරික වාර්තාකරු

විදුලිය ගාස්තුව 22%කින් (සියයට විසිතුනකින්) පමණ ඉහළ දැමෙනු ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඉන්ධන භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදී දරන්නට සිදුවන වියදම් පියවා ගැනීමට මෙම මිල ඉහළ නැංවීම සිදුකිරීමට නියමිත බවද සඳහන්ය. ඊට සමගාමීව මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන්ද ඉහළ දැමෙනු ඇතැයි වාර්තා වෙයි. මෙයට අදාළ අවසන් තීන්දුව ඉදිරි සති දෙක තුළ කැබිනට් මණ්ඩලය විසින් ගනු ඇති බව සඳහන්ය.

පසුගියදා මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ විමර්ශනය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසද බදු හා ගාස්තු ඉහළ නංවා රජයේ ආදායම් වර්ධන කළ යුතු බව රජයට නිර්දේශ කර තිබිණි.

මෙම විදුලිය මිල ඉහළ දැමීමට අමතරව ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකෝ සමාගම) තම විදුලි පාරිභෝගිකයන්ගේ ගාස්තුවට මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් එකතුකර තිබේ. එය ලක්ෂ 12ක් පමණ වන ලෙකෝ පාරිභෝගිකයන්ගේ විදුලිය බිලට එකතුවන ගාස්තුවකි.