I ව්‍යාපාරික වාර්තාකරු
ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම බදු ආදායම ලබන රටක් බැවින් රජයේ බදු ආදායම තවදුරටත් ඉහළ දැමිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබේ. මෙම දැනුම්දීම කළේ මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ_වර් විසිනි.
මෙම දැනුම්දීම අනුව ඉදිරි කාලයේදී තවත් බදු වැඩි කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
දැනට රටේ වාර්ෂික වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 19% කි. ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 9% කි. ආදායම සහ වියදම අතර පරතරය 10% කි. එහෙත් මෙම පරතරය මේ වසර තුළ 7% කට අඩුකොට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% ක් බවට පත්කළ යුතු බව මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ සම්බන්ධව මූල්‍ය අරමුදල සෑහිමට පත්වෙයි. ඒ අනුව ඉදිරි කාලයේදීත් ශ්‍රී ලංකාවට උදව් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය. එහෙත් මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල එකඟතාව අත්සන් කරන තුරු ශ්‍රී ලංකාවට හිමිවිය යුතු දෙවැනි ණය වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වන බව ඔහු වැඩිදුරටත් කීය. එම දෙවැනි ණය වාරිකය ලෙස මෙරටට ලැබීමට නියමිත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 335 කි.