I කුසුම්සිරි විජයවර්ධන
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 24 වැනි වරට සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වැඩියෙන්ම අලෙවි වුණු පොත 2023 ස්වර්ණ පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන යන සම්මන ද්විත්වයම හිමි කරගත් නෝබට් අයගමගේ ලියූ සුරස ප්‍රකාශනයක් වන ‘කුරහඬෙකි වියැකෙන' නවකතාව බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති පහන් ප්‍රකාශන අධිපති සමන්ත ඉන්දීවර දේශයට පැවසුවේය.
කලාතුරකින් වසරක හැරෙන්නට සෑම වර්ෂයකම පාහේ සාමාන්‍යයෙන් වැඩිම අලෙවිය වාර්තා කරන්නේ ස්වර්ණ පුස්තක සම්මානය හිමිවූ කෘතිය බව පැවසූ ඔහු එහි අවසන් වටයේ කෘතිද සැලකිය යුතු අලෙවියක් වාර්තා කරන්නේ යයිද පැවසුවේය.
පසුගිය 22දා සිට ඔක්තෝබර් 1 ඉරිදා (අද) දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි 400කට අධික සංඛ්‍යාවක් තිබෙන අතර ලක්ෂ 20කට අධික ජනතාවක් ප්‍රදර්ශනයට පැමිණෙන බවට ඇස්තමේන්තු කර තිබෙන බව පැවසුවේය. ඔහු සඳහන් කර සිටියේ මෙම සති අන්තයේ දිනකට ලක්ෂයට අධික ජනතාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
සභාපති සමන්ත ඉන්දීවර වැඩිදුරටත් පැවසුවේ, ප්‍රදර්ශනයේ අවසන් දිනය වන ඔක්තෝබර් 1 ඉරිදා ලෝක ළමා දිනය යෙදී ඇති බැවින් එදින ළමයින් උදෙසා චිත්‍ර වැඩමුළු, රෑකඩ දර්ශන, ක්‍රීඩා අංග ආදී වැඩසටහන් රුසක් සංවිධානය කර ඇති බවයි.