I ගයාන් ගාල්ලගේ
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පවත්නා ආකාරයට සම්මත කර ගන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන බව නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා දේශයට පැවසීය.
මෙම පනත් කෙටුම්පත් දෙකටම නීතිඥ සංගමය විරුද්ධ බවත් ඒ නිසා මේ පනත් හකුලා ගන්නා ලෙස රජයට දැනුම් දුන් බවත් හෙතෙම සඳහන් කළේය. ඒ නිසා මෙම පනත් කෙටුම්පත් සංශෝධනය සඳහා අවශ්‍ය සංශෝධනයන්ද ඉදිරියේ තම සංගමය විසින් ඉදිරිපත් කරන බව නවරත්න මහතා කීය.
විශේෂයෙන් මින් ඉදිරියට යම් පනත් කෙටුම්පත් සැකසීමේදී නීතිඥ සංගමයේ සහාය ලබාගන්නා ලෙසට ඉල්ලීමක් රජයෙන් සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.