යසවර්ධන රුද්රිගු I
වසර එකහමාරක් තිස්සේ එක දිගටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඍණ අගයක් ගෙන ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි. 2022 වසරේ පළමු කාර්තුවේ ඍණ 0.5ක්ව තිබුණු ආර්ථිකය 2,3 සහ 4 කාර්තුවල පිළිවෙළින් ඍණ 7.4, 11.5 සහ 12.4 වශයෙන් හැකිලී තිබේ. එසේම 2023 වසරේ 1 කාර්තුවේ ඍණ 11.5 සහ දෙවැනි කාර්තුවේ ඍණ 3.1ක් වශයෙන් ආර්ථිකය ඍණ අගයක් පෙන්නුම් කරයි.
මේ පිළිබඳ දේශය පුවත්පතට අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ 2022 වසරේ ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ධන වේගය ඍණ 7.82ක් බවය. මෙම වසරේ ආසියානු කලාපයේ සියලුම රටවල ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගෙන ඇති නමුත් ආර්ථිකය සංකෝචනය වූ එකම රට අපේ රට බවය.