2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

අල්ලස් කොමිසම ක්‍රිකට්වලටත් බසී

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

අධිකරණ වාර්තාකරු I

පසුගිය කාලයේ ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ගැන විශේෂ විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තීන්දු කර ඇත. නව දූෂණ විරෝධී පනතට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අදාළවද මෙම පරීක්ෂණයේදී කරුණු විමර්ශනය කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

දේශය මේ සම්බන්ධයෙන් අල්ලස් දූෂණ කොමිසමේ විමර්ශන ප්‍රධානියකුගෙන් කරුණු විමසූ විට ඔහු සඳහන් කළේ ක්‍රිකට් තරග පාවාදීම ඇතුළු කාරණා සම්බන්ධ පරීක්ෂණය සිදුවන්නේ ඊට අදාළව පළවූ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන බවය. විශේෂ හෝ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ කටයුතුවලින් යමකු අයථා ලෙස මුදල් උපයාගෙන ඇත්ද යන්නත් මෙම විමර්ශනයේදී විමසා බලන වග ඔහු පැවසීය.

නව දූෂණ විරෝධී පනතට අනුව මාධ්‍ය වාර්තා පදනම් කරගෙන යම් යම් ආයතන හා සිදුවීම් ගැන විමර්ශනය කොට නඩු පැවරීමේ බලය අල්ලස් දූෂණ කොමිසමට හිමිව ඇති බැවින් මෙම පරීක්ෂණ දියත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.