සුගත් පී. කුලතුංගආරච්චි I
නිපා වෛරසය වැළඳුණු පුද්ගලයන්ගෙන් 40%ත් 75%ත් අතර පිරිසක් මරණයට පත්විය හැකි බව බංග්ලාදේශයේ ඩකාහි පාචන රෝග පර් යේෂණ පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ වවුලන්ගෙන් බෝවන රෝග කාරක පිළිබඳ විශේෂඥ පශු වෛද්‍ය රාජීබ් ඉස්ලාම් පෙන්වා දෙයි.
මේ වන විට ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සංසරණය වන වෛරස ප්‍රභේදය මෙයට දශක දෙකකට පෙර මැලේසියාවේ මතුවූ වෛරස ප්‍රභේදයට වඩා වෙනස් බව කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ ස්ටීවන් ලුබී ද පවසයි.
මැලේසියාවේ ප්‍රභේදය සතුන්ගෙන් මිනිසුන්ට පැතිර යාම සිදුවූ නමුත් මිනිසුන් අතර සම්ප්‍රේෂණය අඩු විය. එහෙත් කේරළයේ රෝගය පැතිරීමට හේතු වූ නවතම වෛරස අනුවාදය පහසුවෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂෙණය විය හැකි අතර ඒ නිසාම එය වඩා මාරාන්තික වූවකි.