2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

ස.ජ.බ. විපක්ෂ මන්ත්‍රීන් සමඟ සාකච්ඡා

2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:0046

දේශපාලන වාර්තාකරු I 

සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගතවීමේ අරමුණින් විපක්ෂයේ පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

මෙම පිරිසගෙන් බහුතරය පසුගිය මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවූ හවුල්කාර පක්ෂ සාමාජිකයින් වන අතර එසේම තවත් පිරිසක් සෘජුව පොහොට්ටුව නියෝජනය කරන මැති ඇමතිවරුන් කීපදෙනෙක් බව ඔහු සඳහන් කළේය.

ඉදිරි මාසය තුළ මෙකී සාකච්ඡා අවසන් කොට සමගි ජන බලවේගය මූලිකත්වයෙන් දැවැන්ත දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන බව ඒ මහතා කීය.

 

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01