මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වන ''දිවයින'' පුවත්පතේ සමාරම්භක කතුවර හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීමේ උළෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 03 වැනිදා (අඟහරුවාදා) පස්වරු 3.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
මේ වනවිට සිය දිවි ගමනේ 93 වැනි වියේ පසුවන රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ''එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය'' කෘතිය දොරට වැඩීමද එහිදී සිදුකෙරේ.
මෙම උපහාර උළෙලෙහි ප්‍රධාන දේශනය දැනට ඇමෙරිකාවේ වෙසෙන දිවයින හා රිවිර පුවත්පත්වල හිටපු කතුවර උපාලි තෙන්නකෝන් මහතා විසින් සිදුකිරීමට නියමිතය. 2009 තෙන්නකෝන් මහතාට එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසුව ඒ මහතා මෙරට ප්‍රසිද්ධ උත්සවයකට සහභාගි වන පළමු අවස්ථාව ද මෙයයි