I සුගත් පී. කුලතුංගආරච්චි
මෙරට පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කළ නවීන යන්ත්‍රයක් වන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10 අතරින් 3ක්ම අක්‍රියව තිබූ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ‘දේශයට’ පැවසීය. මෙසේ බිඳ වැටී තිබුණේ මහනුවර රෝහලේ යන්ත්‍ර 2ක් සහ මඩකළපුව ශික්ෂණ රෝහලේ ඇති යන්ත්‍රයයි. පසුගිය අගෝස්තු 22 සිට එය අක්‍රියව පැවැති මඩකළපුව රෝහලේ යන්ත්‍රය මේ සති අන්තය වන විට නැවත පිළිසකර කර ලබාදීමට නියමිතය.
මඩකළපුව රෝහලේ යන්ත්‍රය මගින් හම්බන්තොට, මොණරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව සහ මහනුවර රෝහලෙන් යොමුකරන රෝගීන් 50කට වැඩි පිරිසක් දිනපතා ප්‍රතිකාර ලැබූහ. පසුගිය වසරේ නොවැම්බර් මස සිට මහනුවර රෝහලේ තිබූ මෙම ලීනීයර් යන්ත්‍ර 02ම ක්‍රියා විරහිතය. මේ වන විට රජයේ රෝහල් ආශ්‍රිතව මෙබඳු යන්ත්‍ර 10ක් පවතින මහරගම අපේක්ෂා රෝහලේ යන්ත්‍ර 05ක්, මහනුවර 02ක්, යාපනය 01ක්, කරාපිටිය 01ක් සහ මඩකළපුව 01ක් හැටියටය. දැන් මේ යන්ත්‍ර 03ක්ම බිඳවැටීමෙන් දින 05 සිට 30ක් දක්වා අඛණ්ඩව කළ යුතු මේ ප්‍රතිකාරය ලබාගන්නා රෝගීන් රැසක් අසරණ තත්ත්වයට පත්ව සිටිති.