2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

චීන නැවට ඉන්දීය විදේශ ඇමැති විරෝධය

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03 122

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරුI

මෙම මස 25 දින කොළඹ වරායට පැමිණීමට අවසර ඉල්ලා ඇති චීනයට අයත් 'SHIYAN 6' පර්යේෂණ නෞකාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ විරෝධය පළ කිරීමට ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ලබන සතියේ මෙරට විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා හමුවනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

කොළඹදී ලබන සතියේ ඇරඹෙන 'IORA' සමුළුවට සහභාගි වීමට පැමිණෙන ඉන්දීය විදේශ අමාත්‍යවරයා චීන නෞකාව පැමිණීම සම්බන්ධයෙන් සිය රජයේ විරෝධය පළ කිරීම සිදු කරනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග ද තහවුරු කළේය.

'SHIYAN 6' චීන පර් යේෂණ නෞකාව දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවට යාත්‍රා කර මෙරටට පැමිණීමට අවසරය ලැබෙන තෙක් නැංගුරම්ලා ඇත. මෙම පර් යේෂණ නෞකාවේ නාවිකයන් හා පර් යේෂකයන් 60 දෙනෙක් ගමන් කරති. එහෙත් එම නෞකාව පැමිණීමට විරෝධය පළ කරන ඉන්දියාව පවසන්නේ චීන ආරක්ෂක අංශවල යුද සබ්මැරීන මෙහෙයුම්වලට අදාළ පර් යේෂණ සිදුකිරීම නෞකා ගමනේ යටි අරමුණ බැවින් ඉන්දියාව ඊට සිය දැඩි විරෝධය දක්වන බවයි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01